නීති විරෝධි මූල්‍ය ආයතන වලට, මුදල් වංචා කරන පුද්ගලයන්ට වැඩ වරදී

Report

නීති විරෝධි මූල්‍ය ආයතන ඇතුළු මුදල් වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 1000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සදහන් කර තිබේ.

ඒ වගේම පිරමිඩ වංචා ක්‍රමවලින් මුදල් වංචා කිරීම, නීති විරෝධි ණය ව්‍යාපෘති මෙන්ම පුද්ගලයින් රවටා මුදල් චංචා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි ද විමර්ශනය කරන පැමිණිලි අතර වන බව පොලිසිය සදහන් කර තිබේ.

තවද ඊට අමතරව මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 40 දෙනෙකුගේ දේපළ සම්බන්ධයෙන්ද විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක වේ.

පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ නීති විරෝධි ක්‍රම මගින් උපයා ගත් එම දේපළ ඉදිරියේදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්

අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි අනුකම්පා කරනවා – මිහින්තලේ හිමි

අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි අනුකම්පා කරනවා – මිහින්තලේ හිමි