මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය

Report

මහර බන්ධනාගාරය තුළ අද (01) පස්වරුවේ රැඳවියන් අතර ගැටුම්කාරී තත්ත්වය ඇති වීම හේතුවෙන් සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

ඒ, 246/කැන්දලියද්ද පාර - බටහිර, 246/සී කැන්දලියද්ද පාර - උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහාය.

ඒ අනුව මෙම තත්ත්වය පාලනය කරගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීති පැනවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.එෆ්.යූ ටුට්ලර් මහතා ප්‍රකාශ කළේය.