පොලිස් ස්ථානයක 32 කට කොරෝනා. ‍

Corona Police Covide Madakalapuwa kaanthakkudi
By Aruna May 27, 2021 06:30 AM GMT
Report

 මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 32කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඊයේ (26) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයේදී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඒ අනුව එම නිලධාරීන් කුණ්ඩසාලේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව කාත්තන්කුඩි පොලීසිය සඳහන් කරයි.

අවට පොලිස් ස්ථානවල නිලධාරීන් කැඳවා කාත්තන්කුඩි පොලීසියේ රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now