පොලිස් ස්ථානයකින් කොරෝනා පොකුරක්.. ප්‍රභලයෙකුත් ඒ අතර..මහමඟත් ජීවිත දහයක් බිලිවෙයි.
මහරගම පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු , උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.
මේ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස සැලකෙන තවත් නිලධාරීන් පහළොස් දෙනෙකු ගෘහස්ථ නිරෝධායනයට ද ලක්කර තිබෙනවා.
මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පසුගියදා , අනතුරකට ලක්ව රෝහල් ගතව සිටීම හේතුවෙන් ස්ථානාධිපති තනතුරේ වැඩ බැලූ පොලිස් පරීක්ෂකවරයා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති වරයා,ඇතුළු නිලධාරීන් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
මීට අමතරව ආසාදිත නිලධාරීන් අතර පොලිස් පරීක්ෂකවරයෙකු , උප පොලිස් පරීක්ෂකවරුන් සිවුදෙනකු , පොලිස් සැරයන්වරයකු, සහ පොලිස් කොස්තාපල්වරුන් හය දෙනෙකු සිටින බවයි පැවසෙන්නේ.
මේ වනවිට පොලිස් ස්ථානය සම්පූර්ණ විසබීජහරණයකට ලක් කර ඇති බවත් වාර්තා වනවා.
මේ අතර ඊයේ දිනය තුළ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් දහ දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇති පුද්ගලයින්ගෙන් නව දෙනකු ම යතුරුපැදිකරුවන් වීම විශේෂත්වයක්.
මීට අමතරව ත්‍රිරෝද රියක් පැද වූ පුද්ගලයෙක් ද ඊයේ සිදු වු රිය අනතුරක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
මෙම යතුරු පැදි අනතුරු පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමේ දී අනාවරණය වූ කාරණයක් වන්නේ අනතුරට භාජනය වූ යතුරු පැදි බොහොමයක් නිසි පරිදි නඩත්තු කටයුතු සිදු නොකර අලුත්වැඩියාවන් සිදු නොකර ධාවනය වූ ඒවා බවයි.
බැවින් යතුරුපැදි ධාවනයේ දී සිය යතුරු පැදියේ ධාවන තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.
මෙලෙස නිසි ආකාරයෙන් නඩත්තු නොකල යතුරු පැදි අධික වේගයෙන් ධාවනය කර අනතුරට ලක් වූ අවස්ථාවන් ගණනාවක් පිළිබඳව මෙහි දී හෙළි වී තිබෙනවා.
එමෙන්ම සංචරණ සීමා පැනවී රට තුළ වාහන ධාවනය යම් තරමක අඩු තත්ත්වයක තිබියදීත් මේ අයුරින් රිය අනතුරු හේතුවෙන් දින දින මියයන ජීවිත සංඛ්‍යාව ඉහළ යෑම අතිශය බරපතළ කාරණාවක් බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මහමඟ රිය ධාවනයේ දී මෙන්ම පදික වේදිකාවන් මත ගමන් කිරීමේ දී පවා අතිශයින් සැළකිලිමත් විය යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
