පොලිසියට මොකද මේ වෙලා තියෙන්නේ? – නිල ඇඳුම පිටින් ඇවිත් බඩු ඉස්සූ කොස්තාපල් අල්ලයි.

Sri Lanka Police
By Wayomi Feb 15, 2024 11:14 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (14) පෙරවරු 11ට පමණ වේරහැර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට නිල ඇඳුමින් අතුලු වී භාණ්ඩ සොරකම් කළ පොලිස් නිලධාරියෙක් අල්ලාගෙන පොලිසියට භාරදී තිබෙනවා.

නිල ඇඳුමින් සුපිරි වෙළෙඳසලට ඇතුළු වූ මෙම පොලිස් නිලධාරියා රුපියල් 2240ක් වටිනා තේ කොල පැකට් දෙකක් සොරකම් කර ඇත.

සිදුවීම CCTV ඔස්සේ නිරීක්ෂණය කරන ආරක්ෂක අංශයේ සේවකයෙක් වෙළෙදසලේ සේවකයින් සමඟ එක්ව ඔහුව අල්ලා රඳවාගෙන බොරලැස්ගමුව පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ, අනුව අදාල පොලිස් නිලධාරියාව අත් අඩංගුවට ගෙන විමර්ශන සිදු කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ,මේ තැනැත්තා මෝදර පොලිසියේ නිලධාරියෙක් බවත්, සිය රියදුරු බලපත්‍රය අලුත් කරගැනීමට වේරහැරට පැමිණි අවස්ථාවේදී මෙම සොරකම සිදුකර ඇති බවත්ය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර තිබෙනවා.

ReeCha