තොණ්ඩමන් මාලිමාව එක්ක තිබුණු හොඳ හිත පළුදු වෙයි

Report

අද (27) දින නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම නෝර්වුඩ් පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්වී තිබුණා.

ඒ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

අඳාළ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරී පත් වී ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එසේම ලංකා කම්කරු කොංග්‍රසයේ කනපති කුලන්දවේල් රවී මහතා සභාපතිවරයා වෙනුවෙන් යෝජනා කෙරුණු අතර, ඔහු ඡන්ද 07 ක් ලබා ගෙන තිබෙනවා.

මෙහි උප සභාපතිවරයා තේරිම ද විවෘත ඡන්දයකින් පැවති අතර ඒ සඳහා සමගි ජන බලවේගයෙන් තරග වැදුනු නඩරාජා සිවකුමාර් මහතා මහතා විවෘත ඡන්ද 12 ක් ලබා ගනිමින් එම තනතුරට තේරිපත් විය.

උපසභාපතිවරයා ලෙස තරග කළ කොලුන්දුවේල් ඉරාජේන්ද්‍රන් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 07 ක්.

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

මේ අතර උපසභාපතිවරයා තේරිමෙදි ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ස්වාධීනව ක්‍රියා කර ඇත.

එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජාතික ජන බලවේගය එකට එක්ව බලයක් නැති පළාත් පලන ආයතනවල බලය පිහිටු වීමට ක්‍රියා කළා.

කෙසේ වෙතත් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරිමේදි සමගි ජන බලවේගය නියෝජනය කරන දමිළ ප්‍රගතිශීලි සංධානයේ පලනි දිගම්බරම් මහතා නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමේදි ලංකා කම්කරු කොංග්‍රසයට විරුද්ධව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තෝරා පත් කර ගැනීමට සහයෝගය දී තිබෙනවා.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

එසේම ජාතික ජන බලවේගයේ සභිකයින් එම සභාවේ උප සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා තෝරා පත් කර ගැනිමට සහයෝගය දක්වා තිබෙන බව ද වාර්තා වේ.  

එපා කියලා විසි කරපු කැකිරිවලින් මෙහෙමත් කරන්න පුළුවන්

එපා කියලා විසි කරපු කැකිරිවලින් මෙහෙමත් කරන්න පුළුවන්