ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවසන් රැස්වීම අද - නිල කාලය හෙටින් අවසන්

Report

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය හෙටින් (15) අවසන්වීමට නියමිතව ඇත. ඒ අනුව මෙම කොමිෂන් සභාවේ අවසන් රැස්වීම අද (14) දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් නිල කාලය හෙටින් අවසන් වූවත් කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කරන තුරු මෙම නිලධාරින් එම ධුරවල කටයුතු කරනු ඇති බව පවසයි.

ඉකුත් 2023 වසරේ මැයි 15 වෙනිදා පත් කෙරුණු මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා‍යි.

රටේම මිනිස්සු කලබල කරපු මහා භාණ්ඩාගාරේ මුදල් ඕමානයේ..හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් හමුවෙයි

රටේම මිනිස්සු කලබල කරපු මහා භාණ්ඩාගාරේ මුදල් ඕමානයේ..හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් හමුවෙයි

ජනාධිපති විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට සභාපතිවරයකු සහ සාමාජිකයින් හතර දෙනෙකු පත් කරයි.

ජනාධිපතිවරයා මෙම පත් කිරීම් සිදු කරන්නේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යස්ථා සභාවේ නිර්දේශය මතයි.

2022 ඔක්තෝම්බර් මස 31 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය මඟින් ස්වාධීන කොමිෂන් සභා නවයක් පත් කිරිමට අපේක්ෂා කළ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම ස්වාධීන කොමිෂන් සභා නවයෙන් එකක් විය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පුළුල් බලතල සහිත අධීක්ෂණ කාර්ය භාරයක් ඊට පැවරෙයි.

එමෙන්ම ස්වාධීන කොමිෂන් සභාවක් වශයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍ර‍ථම වරට ස්ථාපිත කරන ලද්දේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2002 වසරේදියි.

තවත් රෝගයක් ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක් - ලෝකේ දිනකට රෝගීන් 1000ක් මැරෙද්දි ලංකාවෙනුත් 6%ක්

තවත් රෝගයක් ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක් - ලෝකේ දිනකට රෝගීන් 1000ක් මැරෙද්දි ලංකාවෙනුත් 6%ක්

වෙසක් ගැන බෞද්ධයන්ට අති විශේෂ නිවේදනයක් - මේවා නීතියෙන් තහනමට - දැඩි දඬුවම් ලැබිය හැකි වරදක්

වෙසක් ගැන බෞද්ධයන්ට අති විශේෂ නිවේදනයක් - මේවා නීතියෙන් තහනමට - දැඩි දඬුවම් ලැබිය හැකි වරදක්