බර වැඩි අයට සුබ ආරංචියක් - මහතට තිත තියන අලුත්ම විසඳුම මෙන්න

Report

බර අඩු කර ගැනීම වෙනුවෙන් දැනට ලබාගන්නා එන්නත් (GLP-1 injections) නතර කළ පසු ‍යළි ශරීර බර වැඩිවීම වැළැක්වීමට උපකාරී වන නව පෙත්තක් පිළිබඳව පර්යේෂණ තොරතුරු හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එය ඔර්ෆෝග්ලිප්‍රොන් (Orforglipron) ලෙස හඳුන්වයි. අමෙරිකා එක්සත් ජනපදයේ දැනටමත් භාවිතයේ පවතින මෙම පෙත්ත ඉක්මනින් බ්‍රිතාන්‍යයටද හඳුන්වා දීමට නියමිත බව වාර්තා වේ.

එසේම මෙම පෙත්ත මඟින් කුසගින්න අඩු කරන හෝමෝනයක් අනුකරණය කරමින් ආහාර රුචිය පාලනය කරන බව පවසයි.

ආශ්චර්යයක් සිදු වෙයි - ලෝකෙම පුදුම කරමින් මුහුදට කඩා වැටුණු යානයේ සිටි මගීන් 11ම බේර ගන්න කළ මෙහෙයුම

ආශ්චර්යයක් සිදු වෙයි - ලෝකෙම පුදුම කරමින් මුහුදට කඩා වැටුණු යානයේ සිටි මගීන් 11ම බේර ගන්න කළ මෙහෙයුම

ඒ ඔස්සේ එන්නත් ලබාදීම නතර කළ අයෙකුට යළි බර වැඩිවීම වළක්වා ගැනීමට හැකි වේ. කෙසේ වෙතත් මෙ සම්බන්ධයෙන් වසරක් පුරා සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම පෙත්ත ලබාගත් පුද්ගලයින් තමන් අඩු කරගත් බරෙන් 70%කට වඩා ප්‍රමාණයක් නොවෙනස්ව පවත්වා ගැනීමට සමත් වූ බවයි.

එමෙන්ම එන්නත්වලට වඩා පෙත්තක් භාවිතය පහසු වීම සහ එහි පිරිවැය එන්නත්වලට වඩා බෙහෙවින් අඩු වීම මෙහි ඇති විශේෂත්වය බව දැක්වේ.

එසේ වුවත් ඔක්කාරය, මලබද්ධය හෝ පාචනය වැනි සුළු අතුරු ආබාධ වාර්තා වී ඇති බවද වාර්තා වේ.

රටේම මිනිස්සු කලබල කරපු මහා භාණ්ඩාගාරේ මුදල් ඕමානයේ..හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් හමුවෙයි

රටේම මිනිස්සු කලබල කරපු මහා භාණ්ඩාගාරේ මුදල් ඕමානයේ..හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් හමුවෙයි

Meta AI පාවිච්චි කරන අයට WhatsApp වෙතින් දෙන අලුත්ම රහසිගත තෑග්ග

Meta AI පාවිච්චි කරන අයට WhatsApp වෙතින් දෙන අලුත්ම රහසිගත තෑග්ග