තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි කළ පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Ministry of Health Sri Lanka
By Aruna Apr 11, 2024 10:36 AM GMT
Aruna

Aruna

Report

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා සිය පුතුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවට ඔහුගේ මව චෝදනා කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අදාළ තරුණයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

තුවාලකරු සිදුකළ ප්‍රකාශය අනුව අනුරාධපුර රෝහල් පොලීසිය මගින් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කර තිබුණා.

අනතුරුව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකර සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයාව සහ කොස්තාපල්වරයෙක්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් දෙදෙනා අද (11) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අදාළ තරුණයාගේ වම් වෘෂණ කෝෂය සැත්කමකින් ඉවත් කළ බවයි, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළා.

Gallery