නීතිඥවරයෙකුගේ සුරතලාට නීතිඥවරියක් වස දීලා..
නීතිඥවරයෙකුගේ නිවසේ සුරතලයට ඇති කරන සුනඛයාට වස දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම නීතිඥවරිය කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක 5ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත් දමින්ද රාමනායක නියෝග කළේ ය.
මත්තේගොඩ, ඇල්විටිගල මාවත පදිංචි නීතිඥවරියක් මෙලෙස ඇප මත නිදහස් කළේ.එම නඩුව එළඹෙන ජූලි 6 වෙනි දින යළි නැවත කැඳවීමට නියමිතයි.
ඉකුත් 12 වැනි දින කහතුඩුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයේ දී සඳහන් කළේ ය.
ඒ පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවසේ සවි කර තිබූ CCTV දර්ශන අනුව පොලිස් මූලස්ථානයේ සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලට අනුවයි.
එහිදී පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවසේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි මෝටර් රථය ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඉකුත් එකොළොස් වැනි දා රාත්‍රියේ දී මෝටර් රථය පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ යම් දෙයක් වත්තට විසි කර ඇත.
එම විසි කරන අයුරු හා විසි කළ දේ සුරතල් සුනඛයා අනුභව කරන අයුරුත් CCTV කැමරාවේ සටහන්ව තිබූ අතර හිටි හැටියේ රෝගාතුරව සිහිසුන් වූ සුනඛයා වෛද්‍යවරයෙකුට යොමු කිරීමෙන් අනතුරුව වස වර්ගයක් ශරීරගත වී ඇති බවට අනාවරණය විය.
කෙසේවෙතත්, සුනඛයකුට වස ලබාදීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 412 වගන්ති යටතේ හා 486 සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |