කතුන් 06 දෙනෙකුගේ ගුද මාර්ගයෙන් රත්තරං මතුවෙයි...වටිනාකම කෝටි 3කට ආසන්නයි.
හොර රහසේ ඉන්දියාවට රත්තන් රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවේ බෙන්ගලරූ හී කෙම්පෙගව්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු අංශ නිලධාරීන් විසින් පසුගිය සෙනසුරාදා සිදු කළ පරීක්ෂාවකදී කොළඹ සිට ඉන්දියාව බලා පිටත්ව ගිය කාන්තාවන් අට දෙනකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු නීති විරෝධී ලෙස රත්තරන් රැගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයින් සිය ගුද මාර්ගය තුළ මෙම රත්තරන් සඟවාගෙන ඉන්දියාවට ඇතුළුවීමටයි උත්සාහ දරා ඇත්තේ. අදාල පිරිස පසුගිය සෙනසුරාදා කොළඹින් බෙන්ගලරූ වෙත පිටත් වූ යූ.එල්11 දරණ ගුවන් යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම රත්තරන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටියකට අධික බවයි වාර්තා වන්නේ.
එය මෙරට මුදලින් රුපියල් කෝටි දෙක හමාරකට අධිකයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර ඔවුන් සමග ඉන්දියාවේ දී සම්බන්ධකම් පවත්වන පුද්ගලයින් පිළිබඳව ද තොරතුරු විමර්ශනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |