අඹුසැමි යුවලක් සූක්ෂමව කොල්ල කල්ලියක් මෙහෙයවයි - කොල්ලකෑම් රැසක්..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 30, 2023 05:10 AM GMT
krishani

krishani

Report

කොල්ලකල්ලියක් මෙහෙය වූ අඹුසැමි යුවලක් කොටදෙණියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම යුවල කලක් තිස්සේ විවිධ පුද්ගලයින් යොදා නිවෙස් හා වෙළඳසැල් බිඳ කොල්ලකෑම්වල නිරතව ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන ගණනාවකට මෙම යුවල සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.

කෙසේවෙතත් ඒ අනුව කොටදෙණියාව පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර යුවල සතුව තිබූ රන් ආභරණ තොගයක් සහ තියුණු ආයුධ කිහිපයක් ද පොලිස් විසින් භාරයට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join