පොලීසියට ලොකුකම් පෙන්නලා පැය 18ක් දැවැන්ත ගහක් උඩ.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Latest Headlines Decision Making
By krishani Jun 26, 2024 06:03 PM GMT
krishani

krishani

Report

පැමිණිල්ලක් විභාග කිරිමට ගිය පොලිස් නිලධාරියෙකුට විත්තිකරු විසින් පොල්ලකින් පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිදුවීමක් පිළිබඳව තොරතුරු පූජාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලීසියට ලොකුකම් පෙන්නලා පැය 18ක් දැවැන්ත ගහක් උඩ.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි.. | Police Arrested One Person At Pujapitiya

එලෙස පහර දීමෙන් පසුව ඔහු අඩි 120 ක් පමණ උස දැවැන්ත කොස් ගසකට නැඟ තිබෙනවා.

එලෙස නැග මුළු දවසම ගත කළ බව පූජාපිටිය පොලීසිය සඳහන් කළේ ය.

හාරිස්පත්තුව, පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මැදවල, බෝතොට ප්‍රදේශයේ පදිංචි සහෝදරයින් දෙදෙනෙකු අතර ආරවුලක් හටගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එක සහෝදරයෙකු පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

එම පැමිණිල්ල විභාග කිරිමට ගිය එම වසම භාර පොලිස් නිලධාරියාට විත්තිකරු විසින් පොල්ලකින් පහර දී තුවාල සිදුකර තිබෙනවා.

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා මැදවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

පසුව ඔහුව මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

පොලිස් නිලධාරියාට පහර දුන් විත්තිකරු ආසන්නයේ තිබූ අඩි 120 ක් පමණ උස කොස් ගසකට නැඟ ඇත.

පැවැති වැසි තත්වයත් සමඟ පැය 18 කට වැඩි කාලයක් ගස මුදුනේ රැඳී සිටි බව වාර්තා වේ.

ඒ අනූව ඊයේ (25) දහවල් සිට අද (26) උදේ 7.30 පමණ වනතුරු ගස මුදුනේ රැඳී සිටි සැකකරු පොලීසිය දැඩි පරිශ්‍රමයක් යොදා බස්සවාගෙන අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ ය.

කෙසේ වෙතත්, වැඩිදුර විමර්ශන පූජාපිටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.