රටම කතා වුණ බොබ් මාලි අත්අඩංගුවට - විමර්ශනවල දී ඔහු ගැන අණාවරනය වූ දෙය.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Drugs
By krishani
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ඕපාත වීරපාන ප්‍රදේශයේ දී ඕපාත පොලීසියට ලද තොරතුරකට අනුව කළ වැටලීමක දී ය.
මොහු 2021 වර්ෂයේ අගෝස්තු 31 වනදා බේරුවල මුහුදු තීරයේදී රුපියල් කෝටි තුන්සීයයකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 288කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වේ.
43 හැවිරිදි බොබ් මාලි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
ඔහු මාලබේ තලාහේන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බව විමර්ශනවල දි හෙළි වී තිබෙනවා
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් බොබ් මාලි ඇතුළු සිව්දෙනා අද (02) උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
