5 වසරේ පුංචි සිඟිත්තියකට අතවර කළ නියෝජ්‍ය විදුහල්පති - දැරිය සියල්ල හෙළි කරයි..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාථමික විදුහලක පාසල් සිසුවියකට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් එම විදුහලේම නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
මෙලෙස අතවරයට ලක්ව ඇති බවට පැවසෙන්නේ එම ප්‍රාථමික විද්‍යාලයේ 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් ය.
පැමිණිල්ලේ සඳහන් වන්නේ පසුගිය 06 වනදා පාසලේදී එම සිසුවිය සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයාගෙන් අතවරයට ලක්ව ඇති බවයි.
ඊයේ (16) දැරිය කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර ඇත.
අනතුරුව 59 හැවිරිදි සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේවෙතත්, සැකකාර නියෝජ්‍ය විදුහල්පති ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
