රට රැකියා සඳහා යන්න ආසාවෙන් ද හිත හිත ඉන්නේ?. එහෙනම් මේ දේ ගැනත් අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
South Korea
Job Opportunity
By krishani
විදෙස් රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසාද් රණසිංහ වීරක්කොඩිව අද සවස (30) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ ය.
ඒ කොරියාවේ රැකියා ලබාදෙන පවසමින් ය.
එලෙස සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුවයි.
පැමිණිල්ලේ සඳහන් වන්නේ කොරියාවේ රැකියාවකට යවන බව සහ විවිධ හේතු දන්වා අවස්ථා දෙකකදී මුදල් ලබාගෙන ඇති බවයි.
ඒ අනුව පොලිස් කණ්ඩායම බලපිටිය නගරයේ දී සැකකාර සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අද සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
