අනියම් පෙම නිසා සැමියා ඝාතනය කිරිමට බිරිඳ කොන්ත්‍රාත්තුවක් දීලා..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 24, 2023 05:45 AM GMT
krishani

krishani

Report

අනියම් ප්‍රේමයක් හේතුවෙන් තම සැමියාව ඝාතනය කිරීමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බිරිඳක්ව ඊයේ (23)  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම ස්වාමි පුරුෂයාගේ හොඳම මිතුරා සමඟ ඇය මෙම අනියම් ඇසුර පවත්වාගෙන ගොස් ඇති අතර එම මිතුරා ද ඇතුළුව තවත් පුද්ගලයින් සිව් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පිරිසක් වන අතර සැකකාර බිරිඳ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.

අදාළ සැකකාරිය සැමියා සමඟ එකට ජීවත් වෙමින් සිටිය දී තම සැමියාගේ මිතුරා සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති අතර තම සැමියාට එය අසුවීමට පෙර ඇය ප්‍රධාන සැකකරු සමඟ එක් වී එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇත.

ඒ අදාළ සැකකාර බිරිඳ තම දරුවන් සමග වැලිමඩ ජීවත්වන මව්පියන් බැලීමට ගොස් සිටිය දී ස්වාමියා ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇත්තේ.

ඒ සඳහා අනියම් සැමියා විසින් මීගමුවේ පදිංචි කුලී මැරයින් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී අදාළ තැනැත්තාව මරා දැමීමට සැලසුම් කර ඇත.

මේ අතර, කඩු පහරින් තුවාල ලැබූ ස්වාමි පුරුෂයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින අතර සැකකාරිය සහ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ගෙල කැපීමට යොදා ගත් කඩු හා පිහි පාලියාම නෑබඩ වැවට විසිකර තිබිය දී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join