මිහින්තලා රජමහා විහාරයට සහ විහාරාධිපති හිමියන්ට එරෙහිව අසත්‍ය තොරතුරු පැතිරූ අයෙක්ට සිදු වූ දේ..
මිහින්තලා රජමහා විහාරයට සහ එහි විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරී බව කියන අජිත් බණ්ඩාර එදිරිසිංහ නැමැත්තාට ජනවාරි මස10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබෙනවා.
ජනපති නීතීඥ සාලිය පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරිමෙන් කළ ඉල්ලිමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.
සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ ආගමික ස්ථාන වලට අපහස වන අන්දමට කටයුතු කර ඇති බවයි, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වමින් සඳහන් කළේ.
කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය දණ්ඩ නීති සංග්‍රහය 290 සහ 291 වගන්තිවලට අදාළව එහි සැකකරු වූ මිහින්තලාවට හඬක් යන සමාජ මාධ්‍යයේ තොරතුරු පළ කළ ඊ. එම් අජිත් බණ්ඩාර එදිරිසිංහ මහතාට එරෙහිව ජනවාරි 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසයි එහිදී නියෝගය කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැමිණිල්ල මෙහෙයවා ඇත.
YOU MAY LIKE THIS VIDEO