හදිසි මෙහෙයුමකින් වැලිතැන්න සංජිව හා බලපිටියේ බැජි ගේ ගෝලයෙක් අල්ලයි..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
STF
Sri Lanka Police Investigation
By Aruna
උරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ, උරගස්මංහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම ජාවාරම්කරු සතුව හෙරොයින් ග්‍රෑම් හතක් තිබූ බවයි.
මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා තුනකදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින අතර සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වැලිතැන්න සංජිව හා බලපිටියේ බැජි යන පුද්ලයින්ගේ ගෝලයකු බවත් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මොහු විසින් සිදුකරනු ලබන බවට තොරතුරු අනාවරණය වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ෂන කටයුතු සඳහා උරගස්මංහන්දිය පොලිසියට භාරදී ඇති බව පොලීසිය පවසයි.
