බොරු කරල හමාරයි..ගෙදරටම දඩ කොලේ එන අලුත් ක්‍රමයක්...සියලු රියදුරන්ට දන්වයි...

Police Sri Lanka Sarath weerasekara Gotabaya Rajapakshe
By Aruna Mar 07, 2022 12:11 AM GMT
Aruna

Aruna

Report

කොළඹ නගරය ආවරණය වන පරිදි මංසන්ධි තිස්තුනක් නිරීක්ෂණය වන සමීප රූප ආවේක්ෂණ කොට්ඨාශය පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ගේ නිරීක්ෂණයට ලක් කෙරුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ එතුමාගේ සංකල්පයකට අනුව වර්ෂ 2010 දී මෙම කොට්ඨාශය ආරම්භ කරන ලදී.

ජනතාව හා දේපළ වල ආරක්ෂාව ප්‍රධාන තේමාව කරගත් මෙම කොට්ඨාශය මගින් අපරාධයක් සිදු වීමට ඇති හැකියාව නැති කිරීම, අපරාධයක් නිරීක්ෂණය කර පියවර ගැනීම, අපරාධයක විමර්ෂණ කටයුතු සඳහා සහභාගි වීම වැනි කාර්යයන් සිදුකරනු ලබයි.

මීට අමතරව රථවාහන වැරදි නිරීක්ෂණය කිරීම මෙම ආවේක්ෂණ කොට්ඨාශය මගින් සිදුකරනු ලබයි.

දැනට පවතින තාක්ෂණය යටතේ රථ වාහන වැරදිකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ කටයුතු මන්දගාමී ස්වරූපයක් ඉසිලූ අතර එම තත්වය මග හරවා ගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වී අදාල වැරදිකරුවන්ගේ නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය නුදුරේදීම සිදු කිරීමට නියමිත අතර මෙම අවස්ථාව සදහා සමීප රූප ආවේක්ෂණ කොට්ටාශයේ නියෝජ්‍ය පොලිස්පති තුෂාර ගම්ලත් ද සහභාගි විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now