අතුරුදහන් වූවන් සෙවීම ආරම්භයි - මෙන්න විස්තරේ
මෙම වසර සඳහා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය හරහා ඉදිරිපත් කරන ලද පැමිණිලි විමර්ශනය කිලිනොච්චියේදී ආරම්භ වී තිබේ.
අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ වවුනියාවේ පරීක්ෂණ පවත්වන නිලධාරීන් සඳහා පැවති වැඩමුළුවකින් පසුව, විමර්ශනය අද (23.01) කිලිනොච්චියේදී ආරම්භ විය. අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලයට ලැබුණු පැමිණිලි 112 ක් අද විමර්ශනය සඳහා භාරගෙන තිබේ.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ ප්‍රධානී නීතිඥ මහේෂ් කටුලන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ධාරිතා සංවර්ධන ශාලාවේදී පරීක්ෂණ පැවැත්විණි.