දැනට පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අගමැතිනියගෙන් විශේෂ දැනුම්දීම්ක්

Report

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ඇගයීම් පද්ධතිය විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබ්බට ගෙන ගොස්, සිසුන්ගේ කුසලතා, නිර්මාණශීලීත්වය සහ අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම ප්‍රවර්ධනය වන අයුරින් නූතනත්වයට ගැළපෙන සේ නවීකරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

කොළඹදී පැවැති “250 Years of Educational Excellence: Lessons from a Sri Lankan American” මහජන දේශනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වන්නේ විභාග කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ගොස්, ක්‍රියාකාරකම් හා අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රමවේදයක් රටට හඳුන්වාදීම බව ඇය මෙහිදී අවධාරණය කළාය.

පවතින අධ්‍යාපන පද්ධතියේ පවතින සාර්ථක සහ යහපත් අංග කිසිසේත්ම ඉවත් නොකරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, වර්තමාන හා අනාගත ලෝක අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එය යාවත්කාලීන කිරීම මෙම ප්‍රතිසංස්කරණවල මූලික බලාපොරොත්තුව බව පැවසුවාය.

එමෙන්ම ගුරුවරුන්, විදුහල්පතිවරුන් මෙන්ම දෙමාපියන්ගේ ද ඩිජිටල් සාක්ෂරතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඇය, අධ්‍යයනමය සහ වෘත්තීය අධ්‍යාපන මාර්ග දෙකටම සමාන සමාජීය හා වෘත්තීය පිළිගැනීමක් ලබාදීම අත්‍යවශ්‍ය බව සඳහන් කළාය.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

සියලු දෙනාම ඇතුළත් කරගත්, නවීන මෙන්ම අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර විශේෂඥයන්ගේ ද සහයෝගය ඇතිව කටයුතු කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.