ආසියානු කුසලානයට චමරිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
2026 කාන්තා T20 ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙවර කාන්තා T20 ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.
අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර, උපනායකත්වය සඳහා හර්ෂිතා සමරවික්‍රම නම් කර තිබේ.
1.ශ්‍රී ලංකා කාන්තා සංචිතය
2.චමරි අතපත්තු – නායිකා
3.ඉමේෂා දුලානි
4.සංජනා කාවින්දි
5.විශ්මි ගුණරත්න
6.හර්ෂිතා සමරවික්‍රම – උපනායිකා
7.කවීෂා දිල්හාරි
8.නිලක්ෂිකා සිල්වා
9.හසිනි පෙරේරා
10.කෞෂිනි නුත්‍යාංගනා – කඩුලු රකින්නිය
11.දෙව්මි විහංගා
12.සුගන්ධිකා දසනායක
13.චමුදි ප්‍රබෝධා
14.චෙතනා විමුක්ති
15.කව්‍යා කාවින්දි
16.මිතාලි අයෝධ්‍යා
තරගාවලිය ආසියානු කලාපයේ ප්‍රමුඛ කාන්තා T20 කණ්ඩායම් අතර පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම චමරි අතපත්තුගේ නායකත්වයෙන් ශූරතාව සඳහා තරග වැදීමට සූදානමින් සිටී.