අලුතින් ගෙයක් හදන්න ඉන්න ඔයාට විශේෂ දැනුම්දීමක් - මේ වගේ හොරුන්ටනම් අහුවෙන්න එපා
නිවාස ඉදිකිරීම් සිදුකර දෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින්ගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු මිරිහාන විශේෂ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු විසින් විවිධ පුද්ගලයන්ගෙන් වංචා කරන ලද සමස්ත මුදල රුපියල් කෝටි දෙකහමාරක් ඉක්මවන බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිවාස ඉදිකිරීමේ ආයතනයක් පවත්වාගෙන යන බවට අසත්‍ය ප්‍රචාරය කරමින් මෙම ජාවාරම සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි 15ක් මිරිහාන විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.