අගමැතිනි හරිනි ඇමරිකාවෙන් ඉන්දියාවට
ඇමරිකාවේ නිල සංචාරයක නිරතව සිටින අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි.
ඉන්දියාවේ ලබන 17 සහ 18 වැනිදා නවදිල්ලියේ පැවැත්වෙන NDTV ලෝක සමුළුව 2025 හිදී සහභාගී වීම සඳහා ඇය මෙසේ ඉන්දියාව බලා යනු ඇත.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඇගේ පළමු නිල ඉන්දියානු සංචාරය මෙය වන අතර, 'අඥාතයේ සීමාව: අවදානම්' (Edge of the Unknown: Risk) යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේදී ඇය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ දකුණු ආසියානු දෘෂ්ටිකෝණයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, හිටපු බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් යන මහත්වරු ද මෙම සමුළුවට සහභාගී වන අතර, එය ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම සන්දර්භ කරගනිමින් දකුණු ආසියානු ස්ථාවරත්වය සහ තිරසාර සංවර්ධනය පිළිබඳ සංවාදවලට ශක්තිමත් දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.