එළියට යන්නේ බලාගෙන අදත් මි.මී 100 ඉක්මවූ වැසි

Report

අන්තර්නිවර්තන අභිසාරී කලාපය හා දිවයින අසළ පවතින වායුගෝලීය කැළඹිලි තත්ත්වය නිසා, මේ දිනවල ශ්‍රී ලංකාවේ කාලගුණය වැසි සහිත බවට පත් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (15) සහ එදා පසු දින කිහිපයේදී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පස්වරු 1.00 ට පසුව බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලටත්, අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100ට ඉක්මවන තද වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අද ව්‍යාපාරයක් පටන් ගත්තොත් අත මිට සරු වෙනවා සත්තයි - ඔබේ ලග්නෙන් කියවෙන දේ මෙන්න

අද ව්‍යාපාරයක් පටන් ගත්තොත් අත මිට සරු වෙනවා සත්තයි - ඔබේ ලග්නෙන් කියවෙන දේ මෙන්න

බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීද සැලකිය යුතු වශයෙන් වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පවතින්නට පුළුවන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු ආශ්‍රිත අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. 

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්