දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට රජය උනන්දුවෙන්

Report

ශ්‍රී ලංකා රජය දේශීය විදේශ විනිමය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට සූදානම් වෙමින් සිටින බව කැබිනට් තීරණ අනුව හෙළි වී ඇත.

රට තුළට ප්‍රමාණවත් විදේශ විනිමය ලැබෙමින් පවතින බැවින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ද්‍රවශීලතාව තහවුරු වී ඇති පසුබිමක, වාණිජ බැංකු ඉලක්ක කරගෙන ඔවුන්ගේ විදේශ ව්‍යවහාර මුදල් ආයෝජනයට අවස්ථා සැලස්මට මෙම ණය උපකරණ නිකුත් කිරීමට රජය අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ආගස්තු මාසයේදී පැවැත්වූ වෙළෙඳපොළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, ආයෝජකයින් වසරකට අඩු කාලයේ සිට වසර 3 දක්වා කාලයට ඩොලර් මිලියන 100 දක්වා විවිධ ප්‍රමාණයන්හි ආයෝජනයට උනන්දුවක් දක්වා ඇති බව තහවුරු වී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රාග්ධනීකරණය රු. ට්‍රිලියන 8 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රාග්ධනීකරණය රු. ට්‍රිලියන 8 ඉක්මවයි

ඒ අනුව කෙටිකාලීන ද්‍රවශීලතා උපකරණයක් ලෙස දැනට පවතින නෛතික රාමුව තුළ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අනුමැතිය ලැබී ඇත.

මෙම යෝජනාව මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ඇති බව ද වාර්තා වේ.

පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙන්න දැන් ලැබුණු සුබවාදී පණිවිඩය

පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙන්න දැන් ලැබුණු සුබවාදී පණිවිඩය

කන්ටේනර් නිදහස් කිරීම සහ කැබිනට් සංශෝධනය - ඇත්ත කතාව නලින්දම කියයි

කන්ටේනර් නිදහස් කිරීම සහ කැබිනට් සංශෝධනය - ඇත්ත කතාව නලින්දම කියයි