පාසල් දරුවන් තම ශරීරය ගැන දැනගන්න ඕනේ - පෙළ පොතේ ලිංගික අධ්‍යාපනය දාපු හේතුව කියන අගමැතිනි

Report

6 වැනි වසරට සෞඛ්‍ය පිළිබඳ මොඩියුලයක් විෂය මාලාවට හඳුන්වා දී ඇති බවත්, එය තමන්ගේ ශරීරය සෞඛ්‍යමත් ලෙස පවත්වාගෙන යෑම පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන වයසට සුදුසු පොතක් බවත් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඇය සඳහන් කළේ ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට පවුල් සෞඛ්‍ය ඒකකය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන් නිරන්තරයෙන්ම පෙන්වා දෙන බවයි.

ඒ අපේ රට තුළ ලිංගික අපචාරවලට සහ පීඩනයට දරුවන් ලක්වීමේ ප්‍රවණතාවය එන්න එන්න වර්ධනය වීම හේතුවෙන් දරුවන්ට මේවායින් ආරක්ෂා වීම උගන්විය යුතු බවටයි.

එසේම ළමා ආරක්ෂක අධිකාරිය ද මෙය බරපතළ ප්‍රශ්නයක් ලෙස දක්වා තිබෙනවා.

පොඩි උන්ට ලිංගික අධ්‍යාපනේ දෙනවලු සමලිංගික ගැන කියලා දෙනවලු මොනවාද මේ

පොඩි උන්ට ලිංගික අධ්‍යාපනේ දෙනවලු සමලිංගික ගැන කියලා දෙනවලු මොනවාද මේ

එමෙන්ම දරුවන් තමන්ගේ ශරීරය ආරක්ෂා කරගත යුතු විදිය පිළිබඳ දැනුවත් විය යුතු බව ඔවුන්ගේ නිර්දේශය වී ඇති බව සඳහන්.

ඒ අනුව අඳාළ අමාත්‍යාංශ සහ අධිකාරීන් සමඟ සාකච්ඡාවක් සිදු කරන බවත්, ඔවුන්ගේ නිර්දේශ ලබා දෙමින් සිටින බවත් අගමැතිනිය පවසයි.

එහෙත් එම අධ්‍යාපනය කොහොමද, කවදාද, මොන වයසටද ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳ තීරණයක් තවමත් ගෙන නොමැත.

එබැවින් මෙම සියලු තීරණ වයසට සුදුසු ලෙස තමන්ගේ ශරීරය වෙනස් වන විට ආරක්ෂා විය යුතු විදිය පිළිබඳ අධ්‍යාපනයක් ලැබිය යුතු බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයගේ විශේෂඥ උපදෙසත් අනුව ගන්නා බව අගමැතිනිය අවධාරණය කර තිබෙනවා.

අදින් ඇරඹෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් සියලුම සිසුන්ට දැනුවත් කිරීමක්

අදින් ඇරඹෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් සියලුම සිසුන්ට දැනුවත් කිරීමක්

අද මේ ලග්නවලට හදිසි ධන ලාභ - ටිකට් එකක් ගත්තොත් ගොඩම ගොඩ

අද මේ ලග්නවලට හදිසි ධන ලාභ - ටිකට් එකක් ගත්තොත් ගොඩම ගොඩ