පියුමි හන්සමාලි කරපු අලුත්ම වැඩේ. (PHOTOS)
පියුමි හංසමාලි කියන නම ඇසුණු සැනින් කාටත් මතක් වෙන්නේ සමාජ මාධ්‍ය ජාලා පුරා කතා බහට ලක්වන මාතෘකාවන්. ඇතැම් විට ඇයගේ හැසිරීම නිසා, ඇතැම් විට ඇයගේ රූප ස්වභාවය නිසා බොහෝ විට ඇය පිළිබඳව බොහෝ දෙනා පුරෝකතන දීමට ඉදිරිපත් වෙනවා.
නමුත් ඒ සියලු තොරතුරු සැබැවින්ම කියාපාන්නේ ඇත්තම පියුමිහන්සමාලි ගැනද? ඇයගේ ළඟින්ම ආශ්‍රය කරන පුද්ගලයින් ඇරෙන්නට බොහෝ දෙනා ඇයව කටකතාවක් සේ විශ්වාස කරන්නට පුළුවන්.නමුත් ඇත්තම පියුමි හන්සමාලි කියන චරිතය ඇතුළේ කාටවත් නොකියවූ කවුරුත් නොඇසූ කතාවක් තියෙන බව ඇය කියනවා.
අග හිග කම් මධ්‍යයේ අධ්‍යාපනය ලබන ඇය අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් කතා බහ කරන චරිතයක් බවටත් පත්වෙනවා. රංගන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් විදියට ඇය කලා ක්ෂේත්රය තුළ නමක් දිනා ගන්නට සමත් වෙලා තියෙනවා. අද වෙනකොට තනි මවක් විදියට තමන්ගේ දරුවාත් සමඟ ජීවත් වෙන ඇයගේ සුවිශේෂී කතාවක් පිළිබඳවයි මේ කියන්නේ.
ඔක්තෝම්බර පළවෙනිදා ලෝක ළමා දිනය වෙනුවෙන් ඇය පොඩි දරු පැටවු ටිකක් බලන්න තෑගිත් අරගෙන ගිහින් තියෙනවා. ඒ මහකුඹුක්කඩවල කියන ප්‍රදේශයට. තමන්ගේ කුඩා කාලයේ ඇයට අත්විඳින්නට ලැබුණ අඩුපාඩුකම් දරුවන් විදිනවට ඇය කැමැත්තක් නැති කෙනෙක්. ඒක නිසාම වෙන්න ඇති ලෝක ළමා දිනය දවසේ දරුවන්ට සතුටක් අරගෙන ඇය තෑගිබෝග අරගෙන මහකුඹුක්කඩවල ට ගියේ. පුංචි පුතෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට පුංචි දරුවන්ගේ ඕනෑ එපා කම් වගේම ඔවුන් ආශා කරන්නේ මොනවටද කියන කාරණාවත් ඇය බොහොම හොඳින් දන්නවා ඇති.
ඉතින් ඇයත් සමග මේ කර්තව්‍යයට යම් පිරිසක් දායක වෙලා තිබෙනවා.
පියුමි හංසමාලි ආදරණීය රංගන ශිල්පිනියගේ මේ කර්තව්‍ය වෙනුවෙන් පොඩි පැටවුන්ගේ ආදරය ඇය වෙත නිබඳවම ලැබේවි. ඒත් එක්කම සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරයත් සැලකිල්ලත් නිබඳවම ඇය වෙත ලැබේවි.