"දියුණු වෙනවා නම් දියුණු වෙන්න, හිතුණොත් ජනාධිපතිගෙ වාහනෙත් සල්ලි දීලා ගන්න පුළුවන් ගාණට..." පියුමිගේ අලුත් වාහනේ ගැන හොදම යාළුවා දැමු සටහන..(PHOTOS)

Sri Lanka Gossip Today Piumi Hansamali
By Sewvandhi Mar 12, 2023 04:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සමාජ මාධ්‍ය හරහා අතිශයින්ම ප්‍රසිද්ධ නිරූපිකාවක් වෙච්ච ඒ වගේම ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගන්න සමත් වුන චරිතයක් තමයි පියුමි හංසමාලි කයන්නේ.කවුරු මොනවා කිව්වත් තමන්ට ඕනේ විදිහට ජීවිතේ විඳින්න දෙපාරක් හිතන්නේ නැති ඇය පසුගිය කාලේ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුණේ දුප්පත් අසන්න අසරණ ජනතාවට ඒ වගේම අසරණ වුණු සුරතල් සතුන්ට තමන්ට පුළුවන් විදිහට පිහිට වුණු නිසයි.

ඇය සෑම අවස්ථාවකදීම කියන්නේ ඇයත් කන්න නැතුව ඒ වගේම හරියට අතේ මිල මුදල් නැතුව දුකසේ ගෙවුණු ජීවිතයක් තිබුනලු.නමුත් අද වන විට ඇයට ඒ හැමදේම ලැබිලා.ඒ සියල්ලම පෙර කරපු පින් පව් අනුව සිද්ධ වෙනවා කියලා තමයි ඇය සඳහන් කරන්නේ. ඉතින් කොයි කවුරුත් දන්නවා පියුමි මේ වේද්දි ආදරණීය පෙම්වතෙක් සමග ඉතාමත් සතුටින් ජීවිතය විඳිනවා.ඒ වගේම ඇය ව්‍යාපාරිකාවක්.ඇය රූපලාවණ්‍ය ආලේපන අලෙවිකරණ ව්‍යාපාරයක තමයි නිරත වෙලා ඉන්නේ.

මේ විදිහට පියුමි පෞද්ගලික ජීවිත ඉතාමත් සතුටින් ගත කරද්දී ඇයි ජීවිතය නොයෙකුත් ඇයි ජීවිතය නොයෙකුත් ඉදිරි පියවරයන් වලට පා තැබුවා. එහි එක් ප්‍රතිඵලයක් විදිහට ඇය නැවත වතාවක් අලුත් වාහනයක් මිලදී ගත්තා.මේ වහනය range rover රථයක්. මේක ඇයගේ දෙවැනි වාහනය කියලා තමයි ඇය සඳහන් කරන්නේ.කෙසේ නමුත් මේ අවස්ථාවේ දී ගොඩක් දෙනෙක් ඇයට සුබ පැතුම් එකතු කරලා තිබුණා වගේම තවත් සමහරක් දෙනා මේක කවුරු පැදපු වාහනයක් ද කියලා විවිධාකාරයේ කට කතා ප්‍රචාරය කරලා තිබුණා. ඒ සියල්ලටම පියුමි පිළිතුරු දීලා තිබුනෙ මේ විදිහටයි.

“ගොඩක් අය වට්ස් අප් එවලා මේක ඇත්තද බං අනේ කියන්නකො කිය කියා අහනවා.ඇත්තද සර් පැදපු වාහනයද ගත්තෙ කියලා අහනවා.ඔව් ගෝඨාභය සර් පැදපු එක තමයි ගත්තේ.හැබැයි ප්‍රයිස් එක වැරදියි.ලක්ෂ 735 ක ට නම් ගත්තෙ නෑ ලක්ෂ අටසීයකට ගත්තේ.” ඉතින් හැමෝම අහපු ප්‍රශ්නෙකට පියුමි ඔය විදිහට තමයි පිළිතුරු දීල තිබුනෙ.

අපි දියුණු වෙනකොට වැඩියෙන්ම සතුටු වෙන්නෙ අපේ ළඟම ඉන්න අයනෙ නේද. ඔන්න ඉතින් ඒ විදියට පියුමිටත් ඈට සමීපතම අයෙක් අපූරු සටහනක් තබා තිබුණා. ඒ වෙනින් කවුරුවත් නෙවෙයි ඇයගෙ හොඳම යාළුවා, චන්දිමාල් ජයසිංහ... 

 "දියුණු වෙනව නම් දියුණු වෙන්න හිතුනොත් ජනාධිපතිගෙ වාහනෙත් සල්ලි දීල ගන්න පුලුවන් ගානට "


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery