ඩුබායි හීදී අල්ලා ගත් පියුමා ට අධිකරණයෙන් ලැබුණු නියෝගය.
පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) මෙරටට රැගෙන ආ "පියුමා" ව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CID යට අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.
මෙහිදී ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර එම පැය 72ක ඊයේ සිට ගණනය කරනු ලබයි.
පියුම් හස්තික නොහොත් "පියුමා" , කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට ලෙසයි හඳුනාගෙන ඇත්තේ.
මෙතෙක් අනාවරණය කරගෙන ඇති තොරතුරු වලට අනුව ඔහු 2021 වර්ෂයේ පෙබරවාරි 09 වනදා ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බව සඳහන්.