සමන්ත භද්‍ර හිමිට වහාම කැඳවීමක් - මහා නායක හිමියන්ගේ දෙපා වැඳ සමාව ඉල්ලයි.. නැවතත් විකෘති දේශනා සිදු කළොත් වෙන්නේ මේ දෙයයි.. දැඩි තීරණයක් අරන්.. (VIDEO)
Sri Lanka
By krishani
පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිට අවවාදයක් සිදුකර තිබෙනවා.
ඒ මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් ය.
මෙලෙස අවවාද කර ඇත්තේ ඊයේ (31) මල්වතු මහා විහාරයට කැඳවමින් ය.
උන්වහන්සේ එම අවවාද අනුශාසනා පිළිගත් බවත් මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ අද (01) මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, එහිදී ඉදිරියේ දී උන්වහන්සේ කරන දේශනා ආගම දහමට අනුකූල ව සිදු කරන බවට පොරොන්දු වී තිබෙනවා.
ඒ බව අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ සඳහන් කළේ ය.
වීඩියෝ දර්ශන - අද දෙරණ
