මගී යාත්‍රාවක් පෙරලී පුද්ගලයින් 19 ක් ජීවිතක්ෂයට(විදෙස්)

Accident
By Sewvandhi Jul 27, 2023 04:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මගී යාත්‍රාවක් පිලිපීනයේ මැනිලා නුවර ආසන්නයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම යාත්‍රාව පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම යාත්‍රාවේ සිටි මගීන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති නමුත් අනතුරින් පසු එහි සිටි 40 දෙනෙකු මුදාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවදුරටත් යාත්‍රාව සම්බන්ධයෙන් සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

ReeCha