ජංගම වෙළෙඳුන් පිළිබඳ පැමිණිලි සඳහා දුරකථන අංකයක්
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස තිබිය දී ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ, එවැනි වෙළෙඳුන් පිළිබඳ පැමිණිලි 0112 369 139 දුරකථන අංකයට හෝ 0112 369 142 ෆැක්ස් අංකය වෙත යොමුකළ හැකි බවය.
මේ අතර රත්මාලාන, නාරාහේන්පිට සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන වෙතින් නිවසටම අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. එම ආර්ථික මධ්‍යස්ථානවල දුරකථන අංක හරහා ඇණවුම් ඉදිරිපත් කළ හැකි බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදීප් යසරත්න මහතා,
"පාරිභෝගික සේවා අධිකාරියත්, කිරුම් මිනුම් ඒකකයත් එකතුවෙලා විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කරලා එවැනි වෙළෙඳුන් කිහිපදෙනෙකුගේ බලපත්‍ර මේ වන විට අවලංගු කරලා නීතිය අනුව කටයුතු කරලා තියෙනවා. අපි ඉල්ලා සිටිනවා ගම්වලට යන ජංගම වෙළෙඳුන්ගෙන් අයුතු ලෙස ලාභ ලබාගැනීමට පෙළඹෙන්න එපා. කරුණාකරලා මේ වසංගත සමයේ ජනතාව අසීරුවට පත්ව සිටින වෙලාවක. උපරිම සේවයක් ලෙස ඉතාම සාධාරණ මිලකට ජනතාවට භාණ්ඩ ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා." මේ අතර මහජනතාවට අත්‍යවශ්‍ය කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරයා හමුවීමට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීමට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ වේලාවක් වෙන්කර ගැනීමට අවස්ථාව ලබාදී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
