PHIලාට පැය 150ක අතිකාල සමඟ දීමනා වැඩි කිරීමට පියවර!

isolated PHI Covid19 salary Pavithra Vanniarachchi
By Sewvandhi Jun 22, 2021 10:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් 19 වසංගත කාලසීමාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මසකට පැය 150ක උපරිමයකට යටත්ව අතිකාල දීමනා සහ රාජකාරී කටයුතු කරන සතිඅන්ත සහ රජයේ නිවාඩු දිනවලට නිවාඩු දින වැටුප් ගෙවීමට රජය සැරසේ.

2020 ඔක්තෝබර් මස 01 වැනි දින සිට 2021 ජනවාරි මස 31 වැනි දින දක්වා කාලය තුළද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට එම දීමනා ගෙවන ලද අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය තවදුරටත් පැතිර යාම හේතුවෙන් 2021 මැයි මස 01 වැනි දින සිට අගෝස්තු මස 31 වැනි දින දක්වා යළිත් වරක් එම දීමනා ගෙවීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ.කොවිඩ් වසංගත තත්ත්වය හමු වේ ආසාදිතයන් සොයා යෑම, ආශ්‍රිතයන් සොයා යෑම හා නිරෝධායනට යොමු කිරීම, නිරෝධායන නීති බලාත්මක කිරිම සහ උල්ලංඝනය කරන අයට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු විශාල පරාසයක රාජකාරී ඉටුකරලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුව තිබීම නිසා මෙම තීන්දුවට එළැඹ ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha