නැවතත් ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුවක්

srilankan Petroliom
By Sithumi Feb 22, 2022 12:27 PM GMT
Sithumi

Sithumi

Report

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව ඩීසල් තොග නොමැති බව එම සමාගමේ උසස් නිලධාරියෙක් අද (22) පැවසීය.

ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් සහිත නෞකාව මෙරටට ළගාවී දින තුනක් ගතවී තිබුණ ද එහි ඇති ඩීසල් තොගය ලබාගැනීම සඳහා ඩොලර් නිදහස් නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව කී එම නිලධාරියා ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළේය. 

 සෙනසුරාදා ළගාවූ පෙට්‍රල් නෞකාවේ තොගය ලබාගැනීමට හැකිවීම නිසා දින කීපයකට පෙට්‍රල් තොග ඇති බවත් සාමාන්‍ය කාලයකදී මාසකට ඉන්ධන නෞකා පහක් හෝ හයක් ළගා බවත් එම නිලධාරියා කීය. 

කෙසේ වෙතත් පෙට්‍රල් ලබාගැනීමට ද ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකි අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ. 

රට පුරා ඉන්ධන පිරවුම්හලවල අද (22) පෙරවරුව වන විට ඩීසල් නොමැති තත්වයකට පත්ව තිබූ අතර මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන් ඇතුළු සේවාවන් රැසක් අඩපණ වන තත්වයකට පත්ව තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now