ඉන්ධන ගැටලුව ඉවරයි ඉදිරියේදී සිදුවන දේ මෙන්න..

Gossip udaya gammanpila political gossip Politicd Petrlliom
By Sithumi Feb 18, 2022 05:43 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්ධන නෞකා දෙකක් හෙට (19) ශ්‍රී ලංකාවට ළගා වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. එම නෞකා දෙකේ ඩීසල් සහ පෙට්‍රල් ඇති බවත් එම ඉන්ධන තොගය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 60 ක් පමණ අවශ්‍ය වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කීය.

රට තුළ දැඩි ඉන්ධන හිඟයක් ඇතිවීමෙන් ජනතාව මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටිති. කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් බොහෝමයක අද (18) ඉන්ධන නොතිබුණු අතර ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් පැවසුවේ දින තුනකින් පමණ ඉන්ධන තොග නොලැබුණු බවයි. 

 මිල ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් ඉන්ධන නිකුත් නොකරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති.

____________________________________________

You may like this video?

මහමග සිදුවුණු භයානක රිය අනතුර CCTV වීඩියෝව


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now