ඉදිරි දින කිහිපය තුළ දැවැන්ත ඉන්ධන හිගයක්?..රටටම වෙන්න යන දේ මෙන්න..
By Aruna
ඉදිරි දින කිහිපය තුළ නැවත වතාවක් ඉන්ධනහල් ආශ්‍රිතව දැවැන්ත ඉන්ධන හිගයක් නිර්මාණය වෙනු ඇතැයි ඉතිරි සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටිනවා.
විශේෂයෙන් ඉදිරියේ මෙසේ ඩීසල් හිගයක් වෙතැයි ද එම ආරංචි මාර්ග පවසනවා.
දැනට පවතින ඉන්ධන හිඟයට හේතු වී ඇත්තේ ඉන්ධන ප්‍රවාහන බවුසර රථ හිමියන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය බවයි පැවසෙන්නේ.
නමුත් ඇති වීමට නියමිත ඉන්ධන හිගයට හේතු වන්නේ, ඉන්ධන ආනයනය ඩීසල් නෞකාවක් මෙරටට පැමිණෙන තුරු පවතින ඩීසල් සංචිත ප්‍රමාණවත් නොවීමයි.
තාප විදුලි බලාගාර සඳහා ද ඉන්ධන සැපයිය යුතු නිසා ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් ලබා ගැනීමේ දී මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වීමට නියමිතයි.
නැවත ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසතියකට ආසන්න කාලයකිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |