පෙට්‍රල් වලට අලුතින් 10%ක් මිශ්‍ර කරන්න යන දේ මෙන්න..විශාල ලාභයක්..
ඉන්දියාව නියමිත කාලයට වඩා මාස 05කට පෙර සියයට 10ක් හරිත එතනෝල් මිශ්‍ර කරන ලද පෙට්‍රල් වෙළෙඳපොළට සැපයීමේ ඉලක්කය සපුරාගෙන ඇත.
මෙම පරිසර හිතකාමී ඉන්ධන නිෂ්පාදනය ඔස්සේ සිය දැවැන්ත ඉන්ධන ආනයන වියදම අඩු කර ගැනීමට මෙන්ම පොසිල ඉන්ධන භාවිතයෙන් පිටවන පාරිසරික හානි අවම කිරීමට ඉන්දියාව අපේක්ෂා කරයි.
එසේම 2025-26 කාලසීමාව වන විට මෙලෙස පෙට්‍රල් සමග මිශ්‍ර කරන එතනෝල් මිශ්‍රණය දෙගුණ කිරීමටද ඉන්දියාව බලාපොරොත්තු වේ.
උක් සහ අනෙකුත් කෘෂි ද්‍රව්‍යවලින් ලබා ගත් එතනෝල් සියයට 10ක ප්‍රතිශතයක් පෙට්‍රල්වලට මිශ්‍ර කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ඉන්දියාව අපේක්ෂා කරන ලද්දේ 2022 නොවැම්බර් මාසයේදීය.
එහෙත් ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සහ භාරත් පෙට්‍රෝලියම් ඇතුළු ආයතනවල දැවැන්ත උත්සාහය මත එම ඉලක්කය 2022 ජුනි මාසයේදී සාක්ෂාත් කර ගැනීමට ඉන්දියාව සමත්ව ඇත.
මෙම එතනෝල් මිශ්‍ර කිරීම හේතුවෙන් පෙට්‍රල් ආනයනයට වැය කෙරෙන ඉන්දීය රුපියල් කෝටි 41,500ක පමණ මුදලක් රටට ඉතිරි කෙරෙන අතර එමගින් හරිතාගාර වායු විමෝචනය ටොන් ලක්ෂ 27කින් පමණ අඩු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් ජනපදය, බ්‍රසීලය, යුරෝපා සංගමය සහ චීනයට පසුව ඉන්දියාව ලෝකයේ පස්වන විශාලතම එතනෝල් නිෂ්පාදකයා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |