සුරතල් බල්ලන් සිටින අයට අතිශය වැදගත් දැනුම් දීමක්.

Sri Lanka Pet dog
By Aruna Aug 27, 2021 06:06 AM GMT
Aruna

Aruna

Report

සුරතලයට බල්ලෙක් ඇති කිරීමට බොහෝ මිනිස්සු කැමතිය.

එයින් ලැබෙන වාසි බොහෝය.

මේ එවන් තොරතුරකි.

පර්යේෂකයින් පිරිසක් විසින් 2019 වසරේදී අමෙරිකාව, කැනඩාව, ස්කැන්ඩිනේවියානු රටවල්, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානියේ මිලියන 4ක ජනතාවක් තෝරාගෙන පර්යේෂණයක් කළේය.

එහිදී අනාවරණය වී ඇත්තේ සුරතලයට බල්ලන් ඇතිකරන පිරිස අතර හදිසි මරණ අඩු බවය.

එය ප්‍රතිශතයක් වශයෙන් 24%ක අඩුවකි.

යම් පුද්ගලයෙක් ට හෘද රෝගයක් හෝ ආඝාතය වැලඳී ඇත්නම් බල්ලෙක් සුරතලයට ඇතිකිරීම ඔවුන්ගේ සෞඛ්‍යට යහපතකි.

එවිට එවැනි පුද්ගලයෙක් හෘදයාබාධයකට ලක්වී මියයෑමට ඇති හැකියාව 31%කින් අඩුවන බව එම පර්යේෂණයෙන් හෙළිවී තිබේ.

නමුත් සමහර පුද්ගලයෝ එම පර්යේෂණ දත්ත විවේචනය කරති.

ඒ, එම පර්යේෂණය සඳහා අනෙකුත් රෝගී තත්ත්වයන් සමාජ සහ ආර්ථික කරුණු සැලකිල්ලට භාජනය කර නොමැති බව පවසමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha