වව්නියාව සිද්දියේ පුද්ගලයා මැරුවේ පොලිසියද?

Sri Lanka Police Death Law and Order Sinhala news
By Mithu Jul 12, 2025 08:11 AM GMT
Mithu

Mithu

Report

වව්නියාව, කූමාංකුලම් ප්‍රදේශයේදී පොලීසිය සහ ගම්වාසීන් අතර පසුගිය දා ඇතිවූ සිද්ධිය ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඒ අවස්ථාවේදී ගම්වාසීන් කීප දෙනෙක් පොලිසියට පහර දී ඇති බවට අනාවරණය වේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ඒ අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ සිද්ධියක් මත එම පුද්ගලයා මියගිය බව පවසමිනි. වව්නියාව, කූමාංකුලම් ප්‍රදේශයේ යතුරුපැදිකරුවකු වැටී සිටින බවට, ප්‍රදේශයේ රථවාහන රාජකාරී සිදුකරමින් සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ඊයේ (11) රාත්‍රියේ පුද්ගලයෙකු දැනුම්දී තිබේ.

කෙහෙළියගේ නඩුවේ ඇමුණුම් වියදම කෝටිය පනී - තවමත් රජයට පාඩු කරන කෙහෙළිය

කෙහෙළියගේ නඩුවේ ඇමුණුම් වියදම කෝටිය පනී - තවමත් රජයට පාඩු කරන කෙහෙළිය

ඒ අනුව එම නිලධාරීන් සිව්දෙනා එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඒ අසල සිටි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව පොලීසිය පැවසීය. පහරදෙමින් එම පිරිස පවසා අත්තේ, එම පුද්ගලයා මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදුවූ සිද්ධියක් හේතුවෙන් බවය. එමෙන්ම පොලිස් නිලධාරීන් ඒ අසල වූ මත්පැන් හලකින් මත්පැන් පානය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන් එහිදී පවසා ඇත. එමෙන්ම ගම්වාසීන් පිරිස පවසා ඇත්තේ, අදාළ පුද්ගලයා ගමන්කරමින් තිබූ යතුරුපැදියේ රෝදයක් තුළට පොලීසිය මුගුරක් දැමීම නිසා ඔහු ඇදවැටී මියගොස් ඇති බවය.

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

නමුත් එලෙස සිදුවූවා නම් රෝදයට හානි සිදුවිය යුතු බවත්, අදාළ යතුරුපැදියේ රෝදයට කිසිඳු හානියක් සිදුවී නොමැති බවත් පොලීසිය පවසයි. අනතුරුව තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකායද පැමිණ තිබුණි. ගම්වාසීන්ගේ පහරදීමෙන් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදුකිරීමට නියමිතය.

ReeCha