තවත් අවාසනාවන්ත සිදුවීමක් - දැදුරු ඔයේ පුද්ගලයෙකු ගිලී මරුට
මහව, බලගොල්ලාගම ප්‍රදේශයේදී දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත .
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත ගමන්කරමින් සිටින අතරතුරදී දැදුරු ඔයේ දිය නෑම සඳහා ගොස් ඇති බවත්, එම අවස්ථාවේදී දියේ ගිලී මෙම අනතුර සිදුව ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තවද මේ සම්බන්ධව මහව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.