පුද්ගලයෙකු දියේ ගිලී මරුට
රස්නායකපුර පොලිස් වසමේ පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
එම පුද්ගලයා මුඩත්තව වැවෙහි ගිලීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මොන්නෑකුලම ප්‍රදේශයේ වයස අවුරුදු 68ක් වූ පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීම සිදු කරන අයෙකු වේ.
පොලීසිය සදහන් කළේ ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් විසින් සොයා බැලීමේදී වැවෙහි මැදට වන්නට තිබී ඔහුගේ මෘත ශරීරය හමු වී ඇති බවයි.
මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
එවගේම මෙම සිදුවීම සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය විසින් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.