මන්ත්‍රීලාට ආරක්ෂාව ඉල්ලා සමගී ජන බලවේගය ජිනීවා යයි
මෙවන විට පිටපිටම රට තුළ සිදුවන වෙඩි හුවමාරු ඒවගේම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් වැනි සිදුවීම් හේතුවෙන් මහජන නියෝජිතයන්ගේ ආරක්ෂාවට එය සෘජුවම බලපා ඇති බවට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ බොහෝ දෙනා සඳහන් කරයි.
එබැවින් රජය මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු නොකරන්නේ නම් ඉදිරියේදී එය පිළිබඳව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇති බවට වාර්තා වෙයි.
මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මේ වන විටත් රජය නිසි ක්‍රියාමාර්ග නොගනෙන්නේ නම් එක්සත් ජාතික සංවිධානය ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන දැනුවත් කිරීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා සඳහන් කරයි.
එමෙන්ම හිටපු වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිත් පොලිස්පතිතුමාගෙන් ආරක්‍ෂාවේ ඉල්ලා ඇති බවත් නමුත් ඒ පිළිබඳව කරුණු සලකා බලන්නේ නැති බවත් මේ වන විට අනාවරණය වෙමින් පවතී.
එවැනි හේතු කාරණා මත විපක්ෂය සඳහන් කරන්නේ සියලුම මහජන නියෝජිතයන් ආරක්ෂා කිරීමට නිසි වැඩ පිළිවෙලක් ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු බවයි.