විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් නොලැබුණු මරු චාන්ස් එකක් මෙන්න
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මේ සඳහා මැදිහත්වීමෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරමින් පවතින බවය.
පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට
මෙම අදහස් අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීමේ වැඩසටහනේ දී ප්‍රකාශ කළේය.
අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ,
"දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. විදෙස්ගත ඔබට ඡන්දය ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසා, ඒ සඳහා අවශ්‍ය නෛතික තත්ත්වය සකස් කරමින්, දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමටත් අවශ්‍ය නෛතික සම්පාදන සිදු කරමින් තියෙනවා."
යනුවෙනි.