රටට සුබයි , පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයින් 120,000ක වැඩි පිරිසක් මෙරටට
ගෙවුණු සති 03ට සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ ඔක්තෝබර් මාසයේ පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.
එම අධිකාරිය පවසන්නේ ඔක්තෝබර් මස 23 වන දින වන විට සංචාරකයින් 119,670 දෙනෙකු මෙරට සංචාරයට පැමිණ ඇති බවයි.
ඒ අනුව සංචාරකයින් 1,845,164 දෙනෙකු මේ වසරේ ගත වූ කාලය තුළ ලංකාවට පැමිණ ඇත.
නමුත් සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව සදහන් කරන්නේ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළ යාමක් දක්නට ලැබුණ ද සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට බලධාරීන් කටයුතු කර නොමැති බවයි.
සංචාරක කර්මාන්තයේ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු වන බව මස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුවේ සභාපති සමීර සේනක ද සිල්වා මහතා සදහන් කර තිබේ.
රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නාවූ සංචාරක කර්මාන්තය කෙරෙහි අවධානය දිය යුතු බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ