එක දිගට දවස් දෙකක් නින්දෙන් ගොරවලා...පුද්ගලයෙක් ජීවිතක්ෂයට [PHOTO]
මොරගහහේන වීදියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙක් අභිරහස් ලෙස මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඔහු පැය 24කට අධික කාලයක් ගොරවමින් නිදා සිට ඇත.
ඉන් පසුව රෝහල්ගත කළ පසු මෙසේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ ඔහුගේ හිසේ අභ්‍යන්තරයේ සැලකිය යුතු පැළීම් දෙකක් තිබූ බවයි.
සිද්ධිය පිළිබඳව මොරගහහේන පොලීසිය කළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ මියගිය පුද්ගලයා එම්. එස්. මහින්ද නම් එක් දරු පියෙක් බවයි.
බිරිඳගෙන් වෙන්ව ජීවත් වන ඔහු පසුගිය 29 වන දා පුරුදු ලෙස බිරිඳගේ මවගේ නිවස ඉදිරිපිට ඇති කොරිඩෝවේ පුටුවක හිඳ මත්පැන් පානය කර තිබෙනවා.

වැඩි හොඳට ඔයත් කඩෙන් ගෙනාපු බිත්තර හෝදනවද?...හැබැයි හෝදපු බිත්තර කෑවොත් මොනවද වෙන්නේ කියලා දන්නවද...
පසුව එම කොරිඩෝවේම සිමෙන්ති බැම්ම මත ඔහුට නින්ද ගොස් ඇති අතර පසුදින, එනම් 30 වන දිනත් ඔහු එහිම ගොරවමින් නිදා සිටි බැවින් අවදි නොවීම නිසා පවුලේ අය 1990 සුවසැරිය ගිලන් රථයකින් ඔහුව හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
පොලිසිය වාර්තා කළේ රෝහල්ගත කර දිනක් ගතවූ පසු ඔහු මියගොස් ඇති බවයි. මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය පුද්ගලයාගේ හිසේ අභ්‍යන්තරයේ අඟල් 5ක පමණ හරස් අතට ඉරක් ආකාරයට පැළීමක් සහ අඟල් 2ක පමණ කෙළින් අතට පැළීමක් තිබූ බව සොයා ගෙන තිබේ.
ඒ අනුව ඔහුගේ මරණය සැක සහිත බව පොලීසිය කියයි.
ඒ අනුව මේ පිළිබඳව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ පසු, මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇත.
එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එළඹෙන 27 වැනි දිනට කල්තබා ඇති බව වාර්තා වේ.


