හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05ක් ලග තබාගත් පුද්ගලයකු කිරුළපනදී අත්අඩංගුවට
කිරුළපන ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් පහක් සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුව ගැනීම යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදු විය.ඒ අනුව පසුගිය දින ගෝනහේන විශේෂ බලකා නිලධාරීන් සමඟ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යයේ වටිනාකම රුපියල් ලක්ෂ 300ක් පමණ වන අතර, සිදුවීම සම්බන්ධ ඉදිරි පරීක්ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කරනු ලැබේ.
එමෙන්ම, මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදු කරන ලද ඒකාබද්ධ වැටලීමකින් වල්ලපට්ට කිලෝග්‍රෑම් 136ක් සහ වල්ලපට්ට තෙල් සිඳීමට යොදා ගන්නා උපකරණ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු වැලිගම පොලිස් ස්ථානය මගින් සිදු කෙරෙන බව පොලිසිය සඳහන් කරයි.