මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතු කිරීම සඳහා පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කර ඇත.
මහ බැංකුව නිවේදනය කළේ එම තහනම තවත් මාස හයකින් දීර්ඝ කර ඇති බවයි.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත් යටතේ පර්පෙචුවල් ටේරෂරිස් සමාගමට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකිරීමට තහනම මෙලෙස දීර්ඝ කිරිමට හේතු වී ඇත.