මෙරට විශ්වවිද්‍යාලයකින් අඛණ්ඩව තුන්වන වතාවටත් වාර්තාවක් ..!!! (PHOTOS)
ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම්වලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල 500 අතරට යළිත් පැමිණ තිබෙනවා. පසුගියදා එළිදැක්වුණු වසර 2022 ටයිම්ස් ශ්‍රේණිගත කිරීම්වලට අදාළ වර්ගීකරණයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මෙම ගෞරවය හිමිවුණා.
මෙම ශ්‍රේණිගත කිරීමට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල 500 අතරට පැමිණියේ අඛණ්ඩව තුන්වන වතාවටයි. මේ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිශ්වවිද්‍යාල අතරින් අංක එකට පත්ව තිබෙනවා.
ටයිම්ස් උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී ලොව උසස් අධ්‍යාපන අයතන මගින් සිදුකරන පර්යේෂණ මෙහෙවර ඇගයීමට ලක්කර හොඳම විශ්වවිද්‍යාල පිළිබඳ නිශ්චිත ලැයිස්තුවක් එළිදැක්වීම සිදුකරනු ලබනවා.
ඉගැන්වීම (ඉගැනුම් පරිසරය), පර්යේෂණ (පරිමාව, ආදායම සහ කීර්ති නාමය), උපුටා දැක්වීම් (පර්යේෂණ බලපෑම),කර්මාන්ත අදායම (දැනුම මාරුකිරීම) සහ අන්තර්ජාතික දැක්ම (කාර්ය මණ්ඩලය, සිසුන් හා පර්යේෂණ) වැනි විශ්වවිද්‍යාලවල මූලික මෙහෙවර සියල්ල විනිශ්චය කරන එකම විශ්වවිද්‍යාල වර්ගීකරණය ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත වර්ගීකරණයයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |












